Sunday, August 21, 2011


ශ්‍රී ලoකා ක්‍රිකට්  අනාගතය...........?????



ශ්‍රී ලoකාවේ ක්‍රිකට් කවදත් මහා අර්බුද නිර්මාණය කරන මාතෘකවක්..... එහෙම වෙන්නේ එක්කෝ දේශපාලනය, නැත්නම් තේරීම් කමිටුවෙ මොකක් හරි තීරණයක් නිසා.... ඉතින් ශ්‍රී ලකාවේ ක්‍රිකට් කියනදේ ලෝකෙට අරන් ගියපු සනත් ජයසූරියටත් ලෝක කුසලානෙට සෙල්ලම් කරන්න බැරි වුනු එකේ තවත් මොනවා කතා කරන්නද......

කොහොමහරි අමුනලා කරලා අන්තිම තරගෙටත් තේරුණාට දැන්නම් ශ්‍රි ලoකා ක්‍රිකට් ටීම් එක හරියට කැඳ හැලියක් වගේ.... කැමති කැමති අය කැමති කැමති විදියට ක්‍රීඩකයො තෝරගෙන ඒ අයට ඕන විදියට ක්‍රිකට් ගහනවා... දිනනවා නම් ඕන මගුලක්... ඒත් දිනන්නෙ නැති එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ........ AC කාමර වල ඉඳන්, ලොකු ලොකු පඩි ගන්න අයට එවයේ දුක තේරෙන්නෙ නැහැ.... අමාරුවෙන් ටිකට් එකක් අරගෙන, නැත්නම් TV එක ඉස්සරහ වාඩි වෙලා match එක බලාගෙන ඉන්න මිනිහාට තමයි ඒකෙ දුක දැනෙන්නේ..... 


ක්‍රිකට් වලට දුප්පත් මිනිහ තියෙන ආදරය , AC කාමරවල ඉන්න අයටත් දැනෙන දවසක් ආවොත් එදාට අපේ ක්‍රිකට් ටීම් එකට ලෝකෙ ඕනෙම රටක් එක්ක සෙල්ලම් කරලා දිනන්න පුලුවන් වෙයි....!!!!!






Saturday, August 20, 2011

සිතේ කුණු පිස දමා මිනිසකුව සුදිලෙන්න....!!!!!!!

මිනිසෙක් ලෙසින් ඉපදී මිනිසුන් අතර..
නොමිනිස් ගතිය පෙන්වන්නේ කිම නිතර..
කොතෙකුත් සිතූ මුත් වන්නට පොර නිතර..
යන්නට වෙන්නෙ අවසන ගාතෙන් හතර...

පිරිමිද නොවන ඉතිරියෙකුද නොවන බව..
දහසක් දෙනා හට පෙන්නයි සළු උපුට..
අඩුවක් වසා ගන්නට තමනට තිබෙන..
තවෙකෙක් වෙතට අවමන් කෙරුවට හැකිද..

පියෙකුට දාව මවකට පුතෙකුව ඉපිද..
අවමන් දෙවයි කෙරුවට ජාතක ලොවට..
කොන්දක් නැති කමින් වෛරය බැඳ ලොවට..
සැංගී පහර දෙන්නේ ඇති ජඩ කමට..

දහසක් දෙනා මැද ඉන්නට ලෙල දීලා..
ආසා නමුත් ඒකට නැත හැකි වීලා..
ඒ දුක නිසා මනසින් ඔහු ලෙඩ වීලා..
අනුනට ගරහතිය තිරිසන් ගති පාලා..

මේ ලොව උපන් කාටත් අඩු පාඩු ඇත..
වරදක් නොමැති අය මට හමු වෙලා නැත..
ඒ මුත් තම වරද නිවරද කරන සිත..
ඇත්නම් ඔහුට වරදක් සිදු වන්නෙ නැත..

කෙරුවත් කෝප සිත මත අනුනට නින්දා..
තමනට එයින් ලැබෙනා කිසිවක් නොමැතා..
මේ ටික නොදතහොත් එය වෙයි මහ විපතා..
දැන්වත් හැදෙන්නට හිතුවොත් එය සැපතා..

කිව්වේ මෙ කව නුඹ රිඳවනු සිතින් නොවේ..
නුඹ ගැන මගේ සිත තුල තරහක්ද නොවේ..
මෙතුවක් කලක් මා ආ මග රුදුරු ලොවේ..
නුඹ වැනි එවුන් හමු වී නැතිවාද නොවේ..

දෙන්නෙමි ඔවදනක් ඔබ හ‍ට දැනගන්න..
ගන්නට යම් ජයක් ඒකට වෙහෙසෙන්න..
අන් සතු දෙයට ඊ රිසියා නොකරන්න..
තමන්ගෙ කොටස නිසි විදියට කර ලන්න..

තරුවක් වනු රිසින් තිරිසන් වෙන්න එපා..
එමගින් පොරක් වන්නට ඔබ සිතනු එපා..
ලෝකෙට වැඩක් නැති දේ කරලන්න එපා..
මින් මත්තේවත් මග වරදා ගන්න එපා..

ලොකේට බිහි කරපු නුඹගේ මව් නමට..
අත පය නොසිඳ නුඹ දැඩි කල පිය නමට..
ගැරහුම් ලැබෙන දේ නුඹ කරනුයෙ කුමට..
දැන්වත් ඉතින් මිනිසකු වීයන් ලොවට...